සිත් ගත් ගී.... (01)


සාමාන්යෙන් දිවුල්ගනේ ගේ සිංදු වලට එතරම් කැමැත්තක් මගේ නොතිබුණත් විරල වශයෙන් අහන්න ලැබුණු මේ ගීතය මගේ ජීවිතය හා ඒකාත්මික වුණා පළමු ඇසීමෙන්ම. ඒ වගේම වචනයෙන් පැවසිය නොහැකි අමුතු ලයාන්විත බවකුත් මට දැනුණා කිහිප විටක් අහන කොට. ඉතින් හිතුණා සටහනක් දාන්න ( අලුත් වර්ගයක් යටතේ. ඉස්සරහටත් තවත් සිත් ගත් ගී සටහන් කරන්න බලාපොරොත්තුවක් හිතේ දරා ගෙන අරාධනා කරනවා හැමෝටම රස විඳින්න කියා (direct ලින්ක් එකක් නොදෙන්නේ මම සුපුරුදු පරිගනකයෙන් ඈත්වී තාවකාලීන පරිගනකයක සිට සටහන යොදන නිසා.. download කරන්න ඕනෙනම් .mp3 + lyrics යන්න www.ananmanan.com වෙත - මට මතක විදිහට මම ගත්තේ එහෙන් ) .
ගීතය අහන කොට ඔයාලටත් සමහර විට දැනේවි මට දැනුණු දේම.....
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්...............