ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (8)

කලින් බ්ලොග් එකේ කතා කරගෙන ආ පිලිවෙලට අනුව අද කියන්න යන්නේ AVG Internet Security 8.5.406 Build 1617 එක ගැනයි! මේක free edition එකට වඩා හොඳ බව භාවිතා කරන අය කියනවා. හැබැයි මම නම් use කරලා නෑ කවදාවත්. light weight anti-virus programme එකක් කියලා තමා හැමෝම කියන්නේ. ඔයාලත් කැමතිනම් අත් හදා බලන්න...
මම මුල් බ්ලොග් එකේ සිට දෙන්නේ full version එක නිසා කරදරයක් නැතිව update කර ගන්න පුලුවන්. හැබැයි මම දෙන මේ key එක මට හම්බ වෙලා දැන් දවස් ගණනාවක් වෙනවා... එතකොට නම් හොඳට වැඩ කළා. දැන් කොහොමද දන්නේ නෑ.
මෙන්න key (serial) එක දාලා බලල මටත් කියන්න දැන් තත්ත්වය...........
8I3-NFRG0-QACG3-E64FA-99VNF-6R8U6-TJ40මම කලින් මගේ ….::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::…. හි කතා කළ හා ලබා දුන් ප්‍රතිවයිරස මෘදුකාංග:
1. ESET Smart Security Business Edition 4.0.417 + keys
2. Avast AntiVirus 2009 Pro v4.8.1282 Plus + life time key
3. Avira AntiVir Premium 2009 V9.0.0.442 + Keys
- above all are working so far....
My Kaspersky ~ My Offer is still available...N.B. - Comments වල email addresses දාන්න එපා.. මගේ email එකට කතා කරන්න...
කැමති අය අදම මා අමතන්න...
Come to My Kaspersky World of Fun.....
ප්‍රවර්ගය:
ප්‍රතිවයිරස මෘදුකාංග | Anti-virus Softwares
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (2)

මෙම කෙටි සටහන ලියන්න පසුබිම් වූවේ මේ දින කිහිපය තුල අත්දුටු කරුණු කිහිපයක් නිසාවෙනි. අද අප සමාජයේ සිටින බොහෝ දෙනෙකු සිදු කරනු ලබන්නේ පවතින හා අලුතෙන් යෝජනා කරන තත්ත්ව ඒ ආකාරයෙන්ම බාර ගැනීමය....
පසුගිය දින කිහිපය ශ්‍රී ලංකාවේ රජය විසින් මිනිසාගේ මූලික නිදහස උල්ලංඝනය කරමින් පනවන ලද නීති ඒ ආකරයෙන්ම මෙම අය විසින් බාර ගන්නා ලද්දේ කිසිම අවබෝධයකින් නොවන බව මට හැඟේ. බොහෝ දෙනෙකු සිදු කළේ අන් අය කියන කාරණා විචාර බුද්ධියකින් තොරව බාර ගැනීමයි... මෙය දේශපාලන විද්‍යාවේ මූලධර්ම ආශ්‍රයෙන් පැහැදිලි කළහොත් හෙගල් ගේ දැක්මට සමානය.. එනම් මාක්ස්ට ප්‍රති විරුද්ධය... ඉතින් මෙවැනි මිනිසුන් සිටින රටක කවදා නම් විප්ලවයක් කළ හැකිද? ( ජ.වි .පෙ. අදහස කවදා හෝ විප්ලවය ලංකාව තුල ජය ගත හැකි බවයි. නමුත් මේ ජනතාවත් එක්ක එය කෙසේවත් කළ නොහැකි බව මගේ මතයයි! )
ප්‍රවර්ගය:
සමාජයීය විවේචන | Social Criticism
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (4)

තරමක් පැරණි ලිපියකට උත්තර දෙන්න තමා හදන්නේ.. මොකද ලිපිය මම දැක්කේ පහු වෙලා නිසා... සාහිත්‍ය.lk හි පළ වී තිබූ ලිපියකට තමා මේ උත්තර දෙන්න හදන්නේ... ඒ ලිපියේ දක්වා තිබුණේ සිරිමාවියන්ට ෆේස්බුක් සමාජ ජාලය තහනම් කෙරේ…. කියා ය.
මුලින්ම මේ ලිපිය කියවන කොට මට හිනහ ගියා. මොකද පිනා (සාමාන්‍යයෙන් ප්‍රින්සිපල්ට ළමයින් ආමන්ත්‍රණය කරන්නේ එසේ ය.) සමග සාහිත්‍ය.lk කළ දුරකථන සංවාදයේදි කියල තිබුණේ මෙම අඩවිය පාසලට තර්ජනයක් බවයි!
එහි මෙසේ සඳහන් විය.
...අප මේ පිළිබඳව තව දුරටත් විදුහල්පතිතුමියගෙන් විමසීමේදී එතුමිය පැවසූයේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නොයෙකුත් අකටයුතුකම් සිදුවන බවත්, පාසලට අගෞරව වන ආකාරයේ සිදුවීම් පවා සිදුවී ඇති බවත්, එමනිසාවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය ශිෂ්‍යාවන්ට භාවිතා කිරීම තහනම් වනබවත් ය...
මා සමාජ ජාල වෙබ් අඩවියකින් එවැනි තර්ජනයක් ලැබෙන බව ඇසූ මුල් වතාවය... ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වෙබ් අඩවි පවතින බව පිලිගත හැකි වුවද මෙවැනි කතා පදනම් විරහිතය. මන්ද තරජනයක් එල්ල කිරීමට නම් ඊට වඩා ප්‍රායෝගික ක්‍රම සයිබර් අවකාශයෙන් පිටත පවතින නිසා... ලංකාවේ අන්තර්ජාලය එතරම් ජනප්‍රිය නොවන නිසාත් සයිබර් තර්ජන එතරම් බලපෑම් සහගත නොවන නිසාත් මම එසේ පවසමි...
පාසලට අගෞරව වන ආකාරයේ සිදුවීම් සිදුවූ මුල් වතාව මෙය නොවේ.. ඊට කලින් අප පාසල් යන කාලයේ ද සිදුව ඇත. මා කුඩා කළ (grade 1 to 11) අධ්‍යාපනය ලැබුවේ මෙම පාසලේ පිරිමි විද්‍යාලය ලෙස සළකන පාසලේ දී බව මෙහිදී සිහිපත් කළ යුතුය.. (මෙම "පිරිමි විද්‍යාලය" යන කතාව ළමයි හදා ගත් මඃනකල්පිත කතාවක් දැයි මා නොදන්න බව කිව යුතුය..)
එකී ලිපියේ වැඩි දුරටත් මෙසේ දැක් වේ.
..පරිගණක විද්‍යාගාර තුළ පවා අන්තර්ජාල පහසුකම් යම් කිසි පෙරහන් ක්‍රමයකට අනුකූලව සිසුවියන්ට ලබාදෙන බවත්, එනමුත් ෆේස්බුක් වෙබ් අඩවිය සමස්ත වශයෙන්ම පාසල් ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවකි...
මෙම පෙරහන් ක්‍රමය සාර්ථක නොවූ ක්‍රමයක් බව ප්‍රථමයෙන්ම කිව යුතුය.. මන්ද පෙරහන් යෙදූ බොහෝ ස්ථාන වල ඒවා තුලින් රිංගා යන ක්‍රම මා අත්දැක ඇති බැවිනි...
මට මෙහිදී අතීත සිදුවීමක් මතකයට නැගේ.. අපේ university main library එකේ අප කාහටත් පොදුවේ පරිහරණය පිණිස පරිගනක මධ්‍යස්ථානයක් පවතී... (School of Computing අයට මෙහි ඒමට නොහැක. ඒ බව මට කීවේ ශාකුන්තල මල්ලි ය.) ඒකෙ administrator අප කව් රුත් දන්න නීතියට වැඩ කරන වික්‍රම සහෝදරයා ය. මෙම center හි email බැලීම හා යැවීම, word processing කිරීම තහනම් ය. Only net surfing for educational purposes..
ඉතින් මිනිහා හැම වෙලාවෙම ඕක ඇතුලෙ නැති නිසා අර මම කියූ දේවල් කරන්න බැරි වෙන්න .exe එකක් දාල තිබුණා. ඒකෙන් torrent sites වලට log වීම පවා block කරලා තිබුණා. (eg. TPB)
පස්සේ පොඩ්ඩක් කල්පනා කළාම ආවා මොලේට හොඳ අදහසක්.. සරල දෙයක්.. කරල බැලුවා. අම්මට සිරි මෙන්න වැඩ.. මම මේක අපේ දන්න කියන අයටත් කියලා දුන්නා.. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙසම කියලා තියෙනවා තොරතුරු දැන ගැනීමට අයිතියක් තියෙන බව. Supreme Court decisions තුන හතරක්ම තියෙනවා ඔය සම්බන්දයෙන්.. ලංකාවේ Information Act එකක් නොමැති නිසා හැමෝම විකාර රූපී වැඩ තමා යෝජනා කරන්නේ!
සිරිමාවෝ පිනා (ආදරයට!) කරන්නෙත් Article 14 infringement එකක් බව පැහදිලිව කියන්න පුලුවන්. එයා තර්ජනයේ කඩතුරාවට මුවා වී අයිතීන් පැහැර ගැනීමටයි උත්සහ කරන්නේ! ඕක නවත්වන්න අපිට උසාවි යන්න බැරි නිසා පහසු එකක් තියෙනවා act එකට resist කරන්න.
ප්‍රසිද්ධියේ කියන්නේ නෑ ක්‍රමය. එක ක්‍රමයක් නෙවෙයි කීපයක්ම තියෙනවා.. පුද්ගලිකව ඇහුවොත් කියන්නම්... මම හිතන්නේ Windows XP වෙන්න ඕනෙ තියෙන්නේ...
ආ.. කියන් ආපු එක අමතක වුණා.. ඔහොම වික්‍රමගේ barriers බිඳින අතරේ මගේ හොඳම යාලුවෙක් වෙච්ච ( මට uni එකේ වැඩිය යාලුවෝ නෑ; කීපදෙනයි හිටියේ ) Dilan Pinnadoowe මරු ක්‍රමයක් හොයා ගත්තා admin password එක උස්සන්න. මොකද එයාට full credit එක යන්න ඕනෙ මේ සම්බන්දයෙන්. එයාගෙ තමා අදහස හා ක්‍රමවේදය... එයා මම නැති දවසක ඒක අත් හදා බලල වික්‍රමට මාට්ටු වෙන්නත් ගිහින්.. කොහොම හරි වැඩේ shape කරගෙන එයා..
ඔන්න එදා සිට uni studentsලාට open කරලා තියෙන හැම computer එකකම secret details අපි ලඟ තියෙනවා.. ඉතින් අපි බය නෑ ඔය වගේ barriers වලට..
උක්ත ලිපියේ තව දුරටත් මෙසේ සඳහන් විය.
...ඒ අනුව කිසිදු පාසල් ශිෂ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොසිටිය යුතු අතර, දැනටමත් ලියාපදිංචි වී ඇතිනම් වහාම ගිණුම අත්හිටුවිය යුතු බවත්, එසේ නොකරනු ලබන ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවනු ලබන බවත් අපට වෙනත් තොරතුරු මාර්ග වලින් දැනගැනීමට ලැබිණ...
මේවා පහසුවෙන් සෙවිය නොහැකි දේවල් ය. ලිපිය දක්වන කථාව ඇත්ත වුවද නොවූවද එය controversial issue එකක් බව අනිවාර්යයෙන්ම කිව යුතුය. ශිෂ්‍යභාවය අත් හිටු වුවහොත් උසාවියෙන් සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමට FR - Fundamental Rights පවතින බව ප්‍රින්සිපල් ට මා මතක් කර දීමට කැමතිය. මේ ක්‍රියාත්මක වන්නේ ගමේ භාෂාවෙන් කිව්වොත් පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා හා සමාන ක්‍රියාවකි...
( සංවාදයට විවෘතය )
ප්‍රවර්ගය:
කාලීන ~ Seasons greetings...
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (1)

මට හමු වුණා Microsoft Windows 7 RTM x86 එකක් මම දන්න කියන විශ්වාසනීය තැනකින්.. මට download කරන්න ප්‍රමාණවත් bandwidth එකක් නැති නිසා අත් හදා බලන්න විදියක් ඇත්තේ නෑ... සමහරවිට virus තියේවි කියල කීප දෙනෙක්ම කිව්වා... කැමති කෙනෙක් download කරල බලල මටත් කියන්න විස්තරේ... ( ප්‍රමාණවත් bandwidth එකක් තියෙන කෙනෙක්! )
Windows 7 Ultimate Retail English (x86)
CRC: C1C20F76
MD5: D0B8B407E8A3D4B75EE9C10147266B89
SHA-1: 5395DC4B38F7BDB1E005FF414DEEDFDB16DBF610
මෙන්න link ටික..
http://hotfile.com/dl/9509006/79832f...art01.rar.html
http://hotfile.com/dl/9509021/c8d422...art02.rar.html
http://hotfile.com/dl/9509043/a46788...art03.rar.html
http://hotfile.com/dl/9509057/7a36ad...art04.rar.html
http://hotfile.com/dl/9509069/c1d1cf...art05.rar.html
http://hotfile.com/dl/9509089/85ffe6...art06.rar.html
http://hotfile.com/dl/9509121/8b1f8f...art07.rar.html
http://hotfile.com/dl/9509139/c56763...art08.rar.html
http://hotfile.com/dl/9509164/0326f9...art09.rar.html
http://hotfile.com/dl/9509178/ccdb75...art10.rar.html
http://hotfile.com/dl/9509194/3d2a0e...art11.rar.html
http://hotfile.com/dl/9509205/af5392...art12.rar.html
http://hotfile.com/dl/9509224/407993...art13.rar.html
http://hotfile.com/dl/9509250/9c465c...art14.rar.html
http://hotfile.com/dl/9509262/5f9597...art15.rar.html
http://hotfile.com/dl/9509274/d6c284...art16.rar.html
http://hotfile.com/dl/9509289/f5a328...art17.rar.html
http://hotfile.com/dl/9509309/11e73b...art18.rar.html
http://hotfile.com/dl/9509320/b01686...art19.rar.html
http://hotfile.com/dl/9509342/515d01...art20.rar.html
http://hotfile.com/dl/9509354/5b5818...art21.rar.html
http://hotfile.com/dl/9509371/4104ad...art22.rar.html
http://hotfile.com/dl/9509383/b211b5...art23.rar.html
ප්‍රවර්ගය:
Microsoft ~ මයික්‍රොසොෆ්ට්
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (5)

දවස් කීපයක නිහැඩියාවකින් පසු ආවා අලුත් බ්ලොග් එකක් අරගෙන.. සමහරවිට කියවන ඔය අය දන්නේ නැතිව ඇති මගේ කලින් තිබුණු බ්ලොග් එක එනම් ….::::. නිරන්ජන්ගේ සංකල්පනා .::::…. blogger තහනම් (remove) කළ බව. ඒ අයගෙන් ඇහුවත් තාම නෑ උත්තරයක්.... ඉතින් මම කල්පනා කළා තවත් ඒ මත්තේ නැහෙන්නේ නැතිව අලුතින් එකක් පටන් ගන්න... ඉතින් කාලය අරගෙන blogger terms & conditions කියවලා පටන් ගත්තා වැඩේ.
'සයනය' යන නම දාන්න හේතු වුණේ අපි කව් රුත් වැඩියෙන්ම ආස කරන දේවල් තියා ගන්නේ අපේ ඇඳ නොහොත් සයනය (bed) මත නිසා මාත් වැඩියෙන් කැමති මගේ බ්ලොග් එකට ඒ නම යෙදුවා... මොකක්ද ඔය අයගේ අදහස?
මේ බ්ලොග් එකෙත් සුපුරුදු features ඒ විදිහටම තියෙනවා... ඊට අමතරව අලුත් featuresසුත් ගොඩක් එකතු කරල තියෙනවා.. බ්ලොග් එකේ පෙනුම බැලුවම ඔයගොල්ලන්ට ඒක තේරෙයි!
ඒ වගේම කතා කරන්න අදහස් කරන දේ වලත් වෙනසක් තියෙනවා.. ඒවා හෙමිහිට කියන්නම්.
කොහොමද පෙනුම හා දාලා තියෙන features? සමහර විට ඔයගොල්ලන්ගේ කාට හරි මේක හරියට පේන්නේ නැත්නම් මට කියන්න. එහෙම ප්‍රශ්ණයක් තියෙනවනම් flash player එක update කරල බලන්න; එතකොට ගොඩක් දුරට හරි යයි! එහෙමත් නැත්නම් මට කියන්න.
අලුතින් පටන් ගන්න කොට මට ගොඩ දෙනෙක් උදව් කළා. ඒ අයට ගොඩක් ස්තුතියි! නම් වශයෙන් සඳහන් කළ නොහැකි වුණත් ඒ හැම දෙනාම මෙහිදී මතක් කරන්න ඕනේ. ඉතින් දැනට මේ ඇති කියල හිතනවා.. අලුත් පොස්ට් එකකින් ආයෙමත් සුපුරුදු විදිහට හම්බ වෙමු!
ප්‍රවර්ගය:
General ~ සාමාන්‍ය









